Tech-Handiya Articles

Tech-Handiya

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - අපේ අභියෝගය

  • PDF

hambanthota 2018   පසු ගිය දිනක අපි 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලලේ සත්කාරකත්වය ලබා ගන්න ඔස්ට්‍රේලියාවේ සූදානම ගැන ඉදිරිපත් කරා. අද අපි ඉදිරිපත් කරන්නේ මේ වෙනුවෙන් ලංකාවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ගැනයි.

    ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත රජය ක්‍රීඩා උළෙල වෙනුවෙන් පවුම් මිලියන 1039ක් වියදම් කරන්න සූදානම් වෙද්දි ලංකාව සත්කාරකත්වය ලැබුණොත් ඒ වෙනුවෙන් පවුම් මිලියන 1136 ක් වියදම් කරන්න සූදානමෙන් ඉන්නවා. මීට අවස්ථාව ලැබුණොත් අවිවාදයෙන්ම මේක ලංකාවේ කෙරෙන දැවැන්තම ව්‍යාපෘතිය වේවි. මොකද කියනවනම් මේ ආයෝජනය කලින් අපේ රටේ සිදු කෙරුණු දැවැන්තම ව්‍යාපෘතියක් වන මහවැලි ව්‍යාපෘතියට වැය වුණු මුදල වගේ හත් ගුණයක් විතර ලොකුයි!

   ලංකාව තරගාවලිය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව හා මීගහකදුර ප්‍රෙද්ශ තුල විශේෂ ක්‍රීඩා ගම්මානයක් ඉදිකරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ක්‍රීඩාංගන සියල්ල ඉදිවෙන්නෙ thissa cluster ලෙස නම් කර ඇති තිස්සමහාරාමය අවට ක්‍රීඩා ගම්මානයේ සිට කි.මී 35ක සීමාව ඇතුලතයි .පහත තියෙන්නෙ මේ ගම්මානයේ සජීවීකරණයක්

 

   සම්පූර්ණ ව්‍යාපෘතිය ගැන කථා කිරීම එක ලිපියකින් නම් අමාරුයි. ඒ නිසා අපි ක්‍රීඩා පිටි පිළිබද සැලසුම් විතරක් මුලින්ම සාකච්ඡා කරමු.

Last Updated on Friday, 11 November 2011 17:29 Read more...

DC මෝටරයක් පාලනය කිරීම - DC Motor Controlling

  • PDF

 අද පොඩ්ඩක් වෙනස් මාතෘකාවකට බහින්නයි යන්නේ.

DC Motorමේ ලිපි කිහිපය , රොබෝලා, රොබෝ  වාහන (Robotic Vehicles) , රොබෝ අත් (Robotic Arms) වගේ දේවල් වලට ආස කරන සහ ඒවගේ දේවල් හදන්න ට්‍රයි කරන අයට උදව්වක් වේවි. 

මේ වගේ රොබෝ උපාංග වල අනිවාර්ය අංගයක් තමයි සරල ධාරා මොටර (DC Motors) කියන්නේ. මෝටර් නැතුව ඉතින් මොන රෝබෝලද....

මේ මෝටර් පාවිච්චි කරද්දී එන ප්‍රධානම ගැටළු දෙකක් තමයි මොටරයේ භ්‍රමණ දිශාව (Direction of Rotation) සහ භ්‍රමණ වේගය (Speed) පාලනය කිරීම...අද අපි ඒ ගෙන පොඩ්ඩක් කතා කරන්නයි බැලුවේ.

 

හැබැයි මේ වැඩේට PIC ගැන පොඩි දනුකුත් තියෙන්න ඕනේ.....ඒ ගැන දැනගන්න පහත ලින්ක් එක පාවිච්චි කරන්න පුළුවන්.

http://www.tech-handiya.com/electricalandelectronics/62-pic-qq-qq-.html#axzz1uAgK1CDR

එහෙනං වැඩේ පටන් ගමුකො.....

 

From Motor Control

 

Last Updated on Tuesday, 08 May 2012 10:32 Read more...

ඉලෙක්ට්‍රොනික්ස් සරල බසින්...!!! (නවවන පියවර)

  • PDF

ඉලෙක්ට්‍රොනික්ස් සරල බසින්...!! - ට්‍රාන්සිස්ටර් - 2

Description: C:\Users\C.H.D.Gamage\Desktop\Tech_handiya\Electronics sereis\Article_9\Related_4tos\image(1).jpg

 

         සතියක විරාමයකට පස්සේ අදත් අපි හමුවෙනවා ඉලෙක්ට්‍රොනික්ස් ගැන අපේ කතා බහ ඉදිරියට ගෙනයන්න. පසුගිය සතියේ ඔබ වෙතට ගෙන ආ ලිපියෙන් අපි ට්‍රාන්සිස්ටර ගැන කතා බහ ආරම්භ කළා. මේ ලිපියත් ඇතුළුව ඉදිරි ලිපි වලදී අපි කතා බහ කරන්නට යන කරුණු ගැන සාරාංශගත විස්තරයක් ඉදිරිපත් කලා ඔබට මතක ඇති. හොදයි එහෙනම් අද අපි අපේ කතා බහ ආරම්භ කරමු. ඔයාලට මතක ඇති පසුගිය ලිපියේදී ට්‍රාන්සිස්ටර වර්ග දෙකක් ගැන කතා කරපු බව. අද අපි මුලින්ම කතා කරන්න යන්නේ ද්වි-ධ්‍රැව ට්‍රාන්සිස්ටර පිළිබඳවයි. අපි මේ ලිපි මාලාවේ ආරම්භයේදී නිදහස් ඉලෙක්ට්‍රොන සහ කුහර ගැන කතා කළා ඔයාලට මතක ඇති. ඉතින් මේ කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රොන (ධන සහ සෘණ වාහක) අර්ධ සන්නායක ට්‍රාන්සිස්ටර තුල ධාරාව ගමන් කිරීමට සහභාගී වන නිසා ඒවා ද්වි-ධ්‍රැව ට්‍රාන්සිස්ටර විදියට හදුන්වනු ලබනවා.

Last Updated on Saturday, 01 October 2011 23:19 Read more...

මද්දහනේ දැඩි හිරු එලිය මැද උනත් විසිතුරු තරු රටා ඡායාරූපයට නැගිය හැකි කැමරාවක්!

  • PDF

 


        Spectral Instruments  කියන්නෙ ඇමරිකාවෙ තියන පුංචි සමාගමක්. ඔවුන් මේතාක් කළේ විද්‍යාගාර වල සහ චන්ද්‍රිකා ඡායාරූපකරණ අවශ්‍යතා සදහා අවශ්‍ය සුවිශේෂී කැමරා නිර්මාණය කරපු එක. නමුත් පසු ගියදා ඔවුන් යූ ටියුබ් වී‍ඩියෝවක් මගින් අපූරු නිශ්පාදන අදහසක් වෘත්තීය ඡායාරූප ශීල්පීන්ට ඉදිරිපත් කළා...

largerformat2

        Spectral Instruments  සමාගම කියන විදියට ඔවුන්ට ඡායාරූප ශිල්පීන්ගේ භාවිතය සදහා මෙගාපික්සෙල් 112ක  95x95mm ප්‍රමාණයේ සංවේදක සහිත Filter-less කළු-සුදු කැමරාවක් නිශ්පාදනය කිරීමට ඔවුනට පුළුවන් කම ඇති බව ප්‍රකාශ කර සිටියා. මෙය වෘත්තීය කැමරාවක් සමග සංසන්දනය කරොත් සෙන්සරය දහගුණයකටත් ව‍ඩා විශාලයි. ඒවගේම කිසිදු noise බලපැමකින් තොරව පැය ගණනාවක් වුවත් අනාවරණය කරන්නටත් පුලුවන්.

ඉතිං මෙවැනි කැමරාවක ඇති වැඩේ මොකක්ද?

මේවා දැනට පාවිච්චි වෙන්නේ අහසේ රදවා ඇති චන්ද්‍රිකා වල... නමුත් මෙම කැමරා වලින් ලබා ගත හැකි පුළුල් ගතික පරාසය (Dynamic Range) නිසා  නිර්මාණශීලී ඡායාරූපකරණයට අපූර්ව ලෙස යොදාගන්න පුළුවන් වේවි. නමුත් මෙම සමාගම මෙයින් ගතහැකි වැඩ ගැන කියනවා වෙනුවට වෘත්තීය ශීල්පීන්ට මෙන්ම කැමරා රසිකයින් ගෙනුත් අපූරු ඉල්ලීමක් කරනවා... ඔවුන් පවසන විදියට ඔවුන්ගේ කුඩා සමාගමට මෙවැනි කැමරාවක් සාමාන්‍ය වෙළදපොලට මුදා හැරීම සදහා ආයෝජනය කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවාලු. ඉතිං මේ වැඩේට අතගහන්න නං වෘත්තීය ශීල්පීන්ට සහ කැමරා රසිකයින් එකතුවෙලා තමන්ව දිරිමත් කරන්න ඕන බවයි සමාගම ඉල්ලන්නෙ

මීට හොද ප්‍රතිචාරයක් ලොවපුරා කැමරා රසිකයන් එකතු වෙලා දැනටමත් දීල තියනවා. ඔවුන්ගේ වීඩියෝවට views 50000 හා  comments විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවිය අධික ප්‍රවේශන ප්‍රමාණය හමුවේ මැයි 18 දිනය පුරා තාවකාලිකව බිද වැටී තියනවා...

ආරන්චි මාර්ග කියන විදියට මෙම කැමරා සෙන්සරය නිපදවන්න ඩොලර් ලක්ෂයක් පමණ වැය වෙයි ලු! ටිකක් ලොකුමුදලක් උනාට වෘත්තීය කැමරා මෙවලම් වල මිලත් එක්ක බලද්දි මේ මිල බොහොම සාධාරණ එක්ක කියල තමයි අපිටනං හිතෙන්නෙ !

Source:

www.specinst.com

gizmodo.com  

 

 

Last Updated on Saturday, 19 May 2012 08:23

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - හම්බන්තොට හා තරග වදින රන්වන් වෙරළ තීරය

  • PDF

 gold-cost

            පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලෝකයේ දෙවන විශාලතම ක්‍රීඩා උළෙල විදිහට පිලිගැනෙනවා.  ඒ නිසාම මේ තරගාවලිය නවීන තාක්ෂණික හා ඉංජිනේරු නිර්මාණ රැසක් බිහිකරනවා. පසුගිය ලිපි පෙලකින් අපි ලන්ඩන් වල ඔලිම්පික් තරගාවලියට ඉදිවන විශිෂ්ඨ ඉංජිනේරු නිර්මාණ ගැන ඉදිරිපත් කරා. 

2018 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබාගන්න ලංකාවේ හම්බන්තොට නගරය වගේම ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩන් කෝසට් නගරයත් මේ වෙනකොට සිය මූලික සැලසුම් සහිත යෝජනා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා කවුනසිලයට ඉදිරිපත් කර අවසානයි. මේ පිළිබද අවසාන තීරණය ගන්න නියමිතව තියෙන්නෙ නොවැම්බර් 11 වෙනිදා. පසුගිය සැප්තැම්බර් මස  කවුන්සිලය මගින් ඉදිරිපත් කල නිරීක්ෂණ වාර්ථාව මගින් නගර දෙකේ පෙර සූදානම ගැන තොරතුරු ඉදිරිපත් කෙරුණා.

අද අපි සූදානම් වෙන්නෙ 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා සත්කාරකත්වය ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩන් කෝසට් නගරය ඉදිරිපත් කල යෝජනා අතරින් ඔවුන්ගේ ක්‍රීඩා පිටි හා සම්බන්ධ සැලසුම් ගැන සලකා බලන්නයි.    

Last Updated on Saturday, 05 November 2011 15:05 Read more...

Page 1 of 21